Wednesday, July 1, 2015

අ. පි. බ.....


මහත්මයා.....මගෙ දුවගෙ පොතේ තියෙන සල්ලි එයාගෙ දුවගෙ පොතට මාරු කරන්න ඔනි......හිස ඔසවා බැලූ කල මා ඉදිරිපිට උන්නේ වයස 30ක පමණ තරුණ කාන්තාවකි ...දුව බැඳලද..?...විමසූ කල ඈ කලේ හිස සෙලවීම පම්ණි..එතකොට දුවගෙ තත්තා..මම විමසීමි...එයා දැන් මා එක්ක නැහැ... ඈ බිම බලා ගත්තාය.....ඈ අත උන් කිරි කැටියාට වයස අවුරුද්දක් වත් නැති සෙයකි..ඈ ළඟින් සිටගෙන උන්නේ වයස අවුරුදු 12ක පමණ ගැහැණු ළමයෙකි......අතනට යන්න...මා ඈ අදාල ස්ථානයට යොමුකලේ යාන්ත්‍රිකවය....

පසු දිනක ඇය යළිත් මා වෙත පැමිණියාය...මහත්මයා මේ ලිය කියවිලි හරිද....ඈ විමසුවාය...අතනට යන්න මිස්..මා නැවතත් ඈ මගෙ ලඟින් එළවා ගතිමි.....චූටි දියණිය තවමත් ඇගේ ඇකයෙහිය....ඈ පසෙකින් උන්නේ පෙර පැමිණි දැරිවියයි.......

පසුදින..අවලංගුකල ගිණුම් ලේඛනය විඝණනය කරන්නට වූ කළ...ඇගේ පුවත මා ඇස ගැසුණි....ඈට වයස අවුරුදු 29කි....ඇගේ වැඩිමහල් දියණියට වයස 17කි.. බාල දියණියගේ වයස 12කි...... මියගොස් ඇත්තේ එම වැඩිමහල් දියණියයි....එම මියගිය දියණිය අවිවාහක වන අතර ඈගේ සිඟිති දියණියට වයස මාස 6කි..... අදාළ මරණ සහතිකය දෙස බැලීමි....පිහි ඇණුමකින් සිදුවූ කම්පනය සහ අධික රුධිර වහනය නිස සිදුවූ මරණයකි..... 

හැඟීමකින් තොරව මා ලියවිල්ලේ අනෙක් පිට පෙරලීමි.....

No comments:

Post a Comment