Sunday, November 3, 2013

වෙඩින් planning


"5000/- යි"....බස් රථයේ කන්දොස්කිරියාව අතරින් කවුරු හෝ උස් හඬින් පැවසූ කියුමට මගේ දවල් හීනය බිඳවැටුනි.

"නෑ....ප්‍රියිවට් නෙවෙයි කොහෙන් බැන්දත් 5000/- ක් ඕනි"....නැවතත් අර හඬමයි....
"හලෝ..හලෝ....මේ ඇහෙනවද"....මොහු මේ උස් හඳින් කැගසන්නෙ තම ජංගම දුරකතනයට බව මට ඒ මොහොතේ වැටහුනි.

"නෑ ආණ්ඩුවට ගෙවන්න එපැයි...මුද්දර ගාස්තු 5000/- වෙනව"....
අප්පච්චියේ මේ කියන්නෙ කසාද බැඳිල්ලක් ගැන නෙව,දැන් මගෙත් කුතුහලය ඇවිස්සිලා.අයෙමත් දැම්ම රබර් කන.(රබර් නෙවෙයි ලාකඩ කනක් දැම්මත් මේකා කැගහන සද්දේ හැටියට මුළු ලංකාවටම වුනත් මේක ඇහෙන්ඩ ඕනි)........

"ඒ  වුනාට එහෙම කියල බෑ නෙව...තව රු 1000/-ක් වත් ඇන්විලොප් එහෙක දාල දෙන්න එපාය"....
"පොඩි පාර්ටියක් ගන්නත් ඕනි නේද...ඒකටත් යයි රුපියල් දහ පාළොස් දාහක්".....
අම්මෝ මෙච්චර හයියෙන් වෙඩින්ග් ප්ලෑනින් කොහෙද යන මොට්ටයෙක්...මගෙ උගත් බුද්ධිමත් මනස පණ්ඩිත තර්ක මවනවා...

"මේ මම කියන්නද ...හලෝ..පාර්ටියට ගාන මම හොයා ගන්නම්...ඔහේ කසාද බඳින්න යන වියදම හොයා ගන්නවකො එතකොට හරිනෙ...."...
"ඔව් එහම් වුනොත් ලබන සතියෙ ගනිමු".....
"හලෝ හලෝ"....

එතැනින් එහාට කිසිවක් අසා සිටින්නට නොහැකිවුයේ....මෙච්චර සරල දෙයක් වෙනුවෙන් ගේ වටේට වෙඩි ගහල...රට වටේට බෙර ගහල...අතේ තිබ්බ සබ්බ සකළමනාවම දිය කරල..මාස ගනන් ප්ලෑන් කරල...අපි ගත්තු මෝඩ ආතල් මතක් වෙල...මගෙ හෘද සාක්කිය...ඒ වෙලාවෙම අර මනුස්සයට දණගහල වැඳල...බස් එකේ ජනේලෙන් එළියට පැන්න හින්ද....

No comments:

Post a Comment